නිරෝධායන නීති සෞඛ්‍ය මාර්ගෝපදේශන මත සීමා පනවා තිබූ ත්‍රිරෝද රථ ධාවනයට රජය අවසර දී තිබේ.ඊට අමතරව තවත් ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කිරීමට කොවිඩ් කාර්ය සාධක බළකායේ අවධානය යොමු වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීම පැවැති අවස්ථාවේ දී මේ පිළිබඳ ඉල්ලීම යොමු කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් බව ද පැවසෙයි.ආදායම් ලබන රාජ්‍ය ආයතන කොටස් වශයෙන් විවෘත කිරීම, ඉදිකිරීම් ක්ෂේත්රයේ සේවකයන් ගෙන්වීමට අවසර ලබා දීම, ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම,ද එම ඉල්ලීම් වෙයි.
මේ අතර නිරොධායන ඇඳිරි නීති කාලය තුළ මත් පැන් හල් විවෘත කිරීමට රජය දුන් අවසරය හමුවේ එදිනෙදා ආදායම් ලබන ස්වයං රැකියාවල නිරත වන්නවුන් ගෙන් සහ ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් රජයට දැඩි විවේචන එල්ල වූ අතර දෛනික ආදායම් ලබන තමන් හට ද ඒ සඳහා අවසර දෙන මෙන් ඔවුන් ඉල්ලා තිබිණ.