වර්තමානයේ පවත්නා අර්බුදකාරී තත්වයන්ට විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කෙරෙන විරෝධතා ප‍්‍රදේශ කිහිපයක් අද(01) පැවැත්වේ.දැනට පවත්නා ඉන්ධන සහ ගෑස් හිඟය සේම විදුලි කප්පාදුව හේතුවෙන් තම ජීවනෝපාය පවත්වා ගෙන යා නොහැකි බව පවසමින් මොරටු වඩු කාර්මිකයන් පිරිසක් පැවැත් වූ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා පැමිණ තිබේ. මේ අතර අද පෙරවරුවේ නුවරඑළිය බස් නැවතුම්පොලේ පැවැති විරෝධතාවට ප‍්‍රදේශයේ විශාල පිරිසක් එක්ව සිටි අතර ඊට සමගාමීව නුවරඑළිය කොළඹ පුද්ගලික බස් රථද ධාවනයෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.මේ අතර කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගය මදුරන්කුලිය ප‍්‍රදේශයෙන් අවහිර කරමින් ලොරි රථ රියදුරන් පිරිසක් අද උදෑසන විරෝධතාවක් ආරම්භ කර තිබූ අතර රජයේ අදූරදර්ශී ක්‍රියා මාර්හ නිසා තම ජීවිකාව පවත්වා ගෙන යා නොහැකි බවට ඔව්හු චෝදනා කරති.