තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත්කෙරේ

ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්යය වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එසේ නොමැති නම් තාවකාලික හැඳුනුම්පත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කිරීමට හැකියාව පවතින බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්