අතිකාල, නිවාඩු දින දීමනා සහ උසස්වීම් කප්පාදු කිරීමට එරෙහිව තැපැල්, දුම්රිය, සෞඛ්‍ය සහ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් එකතුව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම් වේ. එම ක්ෂේත්‍රවලට අදාළ වෘත්තීය සමිති නායකයන් ඇතුළු නියෝජිතයන් අතර දීර්ඝ ලෙස කරන ලද සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙවර අයවැය යෝජනා හරහා යම් වැටුප් වැඩි කිරීමක් කළද ඊට සාපේක්ෂව මාසික වැටුපෙන් වැඩි කරන ලද මුදල කප්පාදුවකට ලක්කරන බවයි.
මේ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා වට කිහිපයක් සිදු කළ ද ඉන් කිසිදු ඵලක් නොමැති බැවින් ඉදිරියේදී මෙලෙස සියලු වෘත්තීය සමිති එකතුව දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට යාමට තීරණය කළ බවද ඔවුහු පවසති.