තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගම් පවසයි.
ඒ, තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම ඇතුළු ගැටලු 7ක් මුල්කර ගනිමිනි.
ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ අද (16) පස්වරු 4 සිට එළැඹෙන 18වනදා දක්වා පැය 48ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ 7,500ක පමණ සේවක හිඟයක් පවතින අතර ඊට විසදුම් ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු සඳහන් කළේය.