තිරිඟු පිටි මිල රු.265 දක්වා පහළට

ආනයනික තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක තොග මිල තවත් රුපියල් 25 කින් අඩු කළ බව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව රුපියල් 290 ක් ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක නව තොග මිල වන්නේ රුපියල් 265 කි.

ඉකුත් සතිය තුළ ද ආනයනික තිරිඟු පිටි තොග මිල පහත දැමීමට ආනයනකරුවන් පියවර ගෙන තිබිණ.

කාලීන පුවත්