තෙල් බෙදන හැටි හොයන්න නාමලුත් එයි

පෞද්ගලික බස් රථ, පාසල් සහ කාර්යාල ප්‍රවාහන සේවා,වෘත්තීය ත්‍රිරෝද රථ, බහාලුම් ප්‍රවාහන සේවා සහ වාණිජ ප්‍රවාහන වාහන ඇතුළු ප්‍රවාහන අංශ කිහිපයක නියෝජිත පිරිස් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ ප්‍රවාහන හා ඉන්ධන ක්ෂේත්‍රය නියෝජනය කරන ආයතන වල නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ(18) පැවැති අතර එම සාකච්ඡාව සම්බන්ධීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක් ව සිටිනු දක්නා ලදී.ඒ වර්තමානයේ රට තුළ පවත්නා දැඩි ආර්ථික අර්බුදකාරී තත්වයට වත්මන් පාලනය සේම රාජපක්ෂ පවුල් දේශපාලනය ද සෘජුවම වගකිව යුතු බවට දැඩි ජනතා උද්ඝෝෂණ මතු වන සමයකය.මේ තත්වය යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව කැබිනට් මණ්ඩලය සඳහා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් එක් කර නොගැනීමට ද කටයුතු යොදන ලදී.

කාලීන පුවත්