තොරතුරු තාක්ෂණවේදීන් දස දහසක් රට හැර ගොස් ඇති බවට හෙළිදරව්වක්

බදු පැනවීම සහ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රටේ අනාගතය පිළිබඳව පවතින අවිනිශ්චිත තත්වය නිසා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් සියයට 10 ක් පමණ විදේශ රැකියාවට ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා  පැවසීය.

මේ වන විට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් 10,000 ක් පමණ රටහැර ගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ වසරක ශ්‍රමබලකා අවශ්‍යතාව වෘත්තිකයන් 20,000 ක් පමණ වුවද එහි සැපයුම වෘත්තිකයන් 8000 ත් 9000 ත් අතර පැවති බව කී හෙට්ටිහේවා මහතා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ බුද්ධිගලනය පාලන කිරීමට බදු සහන ඇතුළු සහන දී ඔවුන් රටේ නවතා ගැනීමට රජය කටයුතු කළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

කාලීන පුවත්