දකුණු ආසියාවේ අඩු බර දරුවන් වැඩිපුර සිටින රටවල් අතුරට ශ්‍රී ලංකාවත්

දකුණු ආසියාවේ අඩු බර දරුවන් වැඩිපුර සිටින රටවල් අතුරින් ශ්‍රී ලංකාව ද එක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙයි.ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්නායකයනට අනුව අඩු බර දරුවන් ලෙස සැලකෙන්නේ වයස අවුරුදු පහේ දී උසට සරිලන බරක් නොමැති දරුවන් ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ආසියා සහ ෆැසිපික් කලාපයේ කළ සමීක්ෂණයකදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අඩු බර දරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බව අනාවරණය වී තිබේ.මීට අමතරව පැපුවා නිව්ගිනියා, මාලදිවයින, ඉන්දුනීසියාව ආදි රටවල ද අඩු බර දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ කොවිඩි වසංගතයේ බලපෑම හමුවේ මෙරට අඩු බර දරුවන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ තත්ත්වය අවදානමට ලක්විය හැකි රටවල් අතරට ශ්‍රී ලංකාව අයත් බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි.ලෝකයේ ආහාර මිල ශීඝ්‍රයෙන් ඉහළ යන රටවල් අතරට ද ශ්‍රී ලංකාව එක්ව ඇති බව ද මෙම වාර්තාවේ දැක්වේ.

කාලීන පුවත්