දකුණු කොරියාවේ ගුවන් යානා අනතුරකින් 179ක් මරුට

දකුණු කොරියාවේ ගුවන් යානා අනතුරකින් 179ක් මරුට දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි සිදු වූ ගුවන් යානා අනතුරකින් 179 දෙනකු පමණ මියගොස් ඇතැයි එරට නිල පුවත් සේවය වන යොන්හැප් පුවත් සේවයෙහි නවතම වාර්තා දෙයි.අද( 29) උදෑසන​ බැංකොක් සිට පැමිණි ජෙජූ ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ගුවන් යානයක් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩ බැස්සවීමේ දී ගුවන් පථයෙන් ඉවතට විසිවී තාප්පයක ගැටීමෙන් ගිනි ගෙන තිබේ.මෙහි කාර්යය මණ්ඩලය ඇතුළුව 181 දෙනකු සිටි බව වාර්තා වන අතර ඔවුන් අතුරින් බහුතරය දකුණු කොරියානුවන් බව ද පැවසෙයි.මෙම අනතුරට හේතුව මෙතෙක් පැහැදිලි නැතත් ගුවන් යානය ගොඩබෑමේදී උපාංග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඊට හේතු වන්නට ඇතැයි අනුමාන කෙරෙයි.

කාලීන පුවත්