දඬුලේනා ගැන තීරණයක් ගන්න කමිටුවක්

“දඬුලේනා සම්බන්ධයෙන් තීරණ ගැනීමට මම කමිටුවක් පත් කළා. ඊට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, වන ජීවි අමාත්‍යාංශ ලේකම්වරියත් ඇතුලු පිරිසක් පත් කරනු ලැබුවා. එම කමිටුව දෙන තීන්දුවත් මහජනතාවගේ අදහස් හා යෝජනාත් අනුවයි අපි කටයුතු කරන්නේ. දඬුලේනා තවදුරටත් ජාතික සත්වයා ලෙස තබා ගැනීමට කැමති නම් ඊට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ.” යැයි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
වගා හානි සිදු කරන වන සතුන්ගේ ලැයිස්තුවේ දඬුලේනා සහ මොණරා ප්‍රධාන ස්ථානයක් උසුලන බවත්. විශේෂයෙන් දඬුලේනා පොල්, කොකෝවා සහ පලතුරුවලට සිදු කරන හානිය ඉතා බරපතළ බව ගොවීන් පවසන බවත් ඇමති වරයා කියයි..දඬුලේනා ජාතික සත්වයා තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවර ගන්නේය යන කාරණය සම්බන්ධව විවිධ පාර්ශව හා සංවිධාන ඉදිරිපත් කරන චෝදනා සැළකිල්ලට ගනිමින්, එම තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන බවත්, මහජනතාවගේ අදහස් හා යෝජනා වලට ඉඩ දෙමින් කටයුතු කරන බවත්, දඬුලේනාගෙන් සිදුවන වගා හානි නොසළකා එම සතුන් රැක ගැනීමට මහජනතාව කැමති නම් ඊට ඉඩ සලසන බවත් කෘෂිකර්ම අමාත්‍ය වරයා සඳහන් කරයි.

කාලීන පුවත්