දන්සල් බඩු වලට ලංකා සතොසෙන් විශේෂ වට්ටම්

ඉදිරි වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සදහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස තීරණය කර තිබේ.එම විශේෂ මිල වට්ටම් ලබා ගැනීම සදහා ඒ ඒ ප්‍රදේශයන් හි සංවිධානය කරනු ලබන දන්සල් සදහා අවශ්‍යකරන ආහාර ද්‍රව්‍ය ඇනවුම් මැයි මස 17 වන දිනට පෙර ළගම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ලංකා සතොස නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කාලීන පුවත්