දමිතා සජබ අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවතට

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ සමඟි ජනබලවේග නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව වාර්තා වෙයි.ඇය මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද(11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි විට ඇයට දැනුම් දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි.නමුත් තමන් මෙවර සමඟි ජනබලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා තරඟ කරන බව ඇය මින් පෙර පවසා තිබිණ.

කාලීන පුවත්