මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල යාපනේ අර්ධද්වීපයෙන් විශාල වශයෙන් අර්තාපල් අල අස්වැන්න සේම රතු ලූනු, සහ කැරට්, එළවළු වර්ග, බහුල වශයෙන් ලැබෙමින් පවතින බවත් ඒ සඳහා හොඳ ඉල්ලුමක් පවතින බවත් ව්‍යාපාරිකයෝ පවසති.පසුගිය දිනවල දේශීය අර්තාපල් අල කිලෝවක තොග මිල රු. 170ත් 200ත් අතර මිලකට අලෙවි වූ බවත්, මේ වන විට යාපනේ දේශීය අර්තාපල් අල කිලෝවක් රු. 120ත් 140ත් අතර මිලකට අලෙවි වන බවත් ඔවුහු පෙන්වා දෙති.ඒ අනුව ඉදිරියේ දී අර්තාපල් රතු ලූනු, සහ එළවළු වර්ග වල සිල්ලර මිල තවදුරටත් පහළ බසිනු ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.