තමන් වෙත පැවරී ඇති බලතල අනුව දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට සිදුවූයේ පසුගිය කාලය පුරාවට ඔහු අන් සියලු දෙනා පෙරළාගෙන පක්ෂයේ නායකයා වීමට දැඟලූ නිසා යෑයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.ජයසේකර මහතා ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තවත් ගැටලු රැසක් තිබූ බව කී සිරිසේන මහතා පක්ෂ විනය අනුව දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ ලේකම්වරයා ලෙස තවදුරටත් තබා ගත නොහැකි බවද සඳහන් කරයි.ඒ අතර ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇති බවත්,චෝදනා පත්‍රය ලබන සතියේ දී ඔහුට ලැබෙන්නට සලස්වන බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙම සිදුවීමට වෙනත් බොළඳ අර්ථ කථන දීම තවත් විහිළුවක් බව ද කියයි.