දයාසිරි ශ්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් නෙරපයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම තහනම් කර ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයේ වැඩ බැලීම සදහා සරත් ඒකනායක මහතා පත් කර ඇත.එම පක්ෂයේ දේශපාලන මණ්ඩල මණ්ඩලයේ ඊයේ( 06) පස්වරුවේ රැස්වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති අතරපක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දයාසිරි ජයසේකර මහතා වෙත ලිඛිතව මේ බව දැනුම් දී තිබේ. ජයසේකර මහතාට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඉදිරි දෙසතියක කාලය ඇතුළත අදාළ චෝදනා පත්‍රය ලබා දෙන බවත් ලිපියේ සඳහන් වෙයි.

කාලීන පුවත්