දරුවන්ට හානිකර කායික දඬුවම් තහනම් කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින්ම පාර්ලිමේන්තුවට

දරුවන්ට කායික දඬුවම් සිදුකිරීම තහනම් කරන පනතක් කඩිනමින් සම්මත කරගැනීමට කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිදුකළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර ලෙසය.

විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස,

“අපි යෝජනා කරනවා මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර මූලික අයිතිවාසිකම්වලට විශේෂිතව ළමා අයිතිවාසිකම් එහෙම නැතිනම් ළමුන්ගේ අයිතිවාසිකම් සහ කාන්තා අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ අනිවාර්යෙන්ම ඇතුළු විය යුතුයි කියන යෝජනාව අපි ඉදිරිපත්කරවා එපමණක් නොවෙයි අපි යෝජනා කරනවා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ, ළමා අයිතිවාසිකම් පිළිබඳ අපි රටක් හැටියට එකඟවෙලා තිබෙන ඒ අවබෝධතාවයන්, ගිවිසුම් ශක්තිමත්න ක්‍රියාත්ම කරන්නට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මම විශේෂයෙන් යෝජනා කරනවා මේ රටේ ළමුන්, දරු පරපුර වෙනුවෙන් වෙනම සහ කාන්තා පරපුර වෙනුවෙන් වෙනම විශේෂ ජනාධිපති කාර්යසාදක බළකා දෙකක් ප්‍රකාශයට පත්කරලා ක්‍රියාවට නංවන්න ඕනේ.”

අනතුරුව හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා මෙලෙස අදහස් පල කළේය.

“අපි දන්නවා නීති පද්ධතියක් තිබිය යුතුයි. කාන්තාවගේ ආරක්ෂාවට එය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වියයුතුයි. විපක්ෂනායකවරයා කියූ විදිහට ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම බලන්න ඕනේ. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවී නීතියෙන් විතරක් කොළවල ලියලා මේ අයිතිය තහවුරු කරන්න පුළුවන්ද ? මේ ආකල්ප හැදෙන්න කොයි කාලෙද ? ළමා කාලේ. එතකොට ළමයාගේ ආකල්ල වර්ධනය වෙන්නේ කොහොමද ? ඔහු පරිසරයේ දකින දේවල් අනුව. එහෙම නම් කාන්තාවට ආරක්ෂිතව ඉන්න, කාන්තාවට ගරුසරු ඇතිකරන සමාජයක් බිහිවෙන්න නම් ඒක ආරම්භ වෙන්නේ ගෙදරින්. එහෙමනම් නීතිරීතිත් හදමු, ව්‍යවස්ථාත් හදමු නමුත් මම හිතනවා සෑම අම්මා කෙනෙක්මට, තාත්තා කෙනෙක්ටම තමන්ගේ පිරිමි ළමයාට ඉගැන්නුවානම් කාන්තාවට ගරුකකරන්න පොඩිකාලයේදී මම හිතන්නේ පරම්පරාවක් දෙකක් වැඩිහිටියෝ වෙනකොට කාන්තාවගේ ආරක්ෂාවට නීතිවෙනුවෙට සමාජයේ පිරිමි ඉදිරිපත්වෙන සමාජයක් ඉදිරයේදී නිර්මාණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවන්ට හානිකර හානි කර කායික දඬුවම් තහනම් කරන්නට අවශ්‍ය වෙනවා මෙන්න මේ කායික දඬුවම් තහනම් කිරීම සම්බන්ධයෙන් වූ සිදුවීමේදී මා කියන්නට ඕනේ ඒ සම්බන්ධයෙන් පනතක් නිර්මාණය වෙලා තියෙනවා එය පාර්ලිමේන්තුවට හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ ඇමතිවරයා විදිහට මා පියවර ගන්නවා.”

කාලීන පුවත්