දරුවන් විසි හත් දහසක් අධි මන්ද පෝෂණයටත්දෙලක්ෂ හත්දහසක් මන්ද පෝෂණයටත් ගොදුරු වෙලා

අද වන විට ශ්‍රී ලාංකික දරුවන් විසිහත් දහසක් අධි මන්දපෝෂණයට ද දරුවන් දෙලක්ෂ හත්දහසක් මන්දපෝෂණයට ද ගොදුරුව සිටින බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න පාර්ලිමේන්තුවේදී අද (6) පැවසුවාය.ඒ රටේ මන්දපෝෂණ තත්වය පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.පාසල් දරුවකුගේ දිවා ආහාර වෙනුවෙන් වෙන් කර තිබෙන්නේ රුපියල් 60ක් පමණක් බව කී විජේරත්න මහත්මිය එම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද කීවාය.ඊට අමතරව බරපතළ පෝෂණ අහේනියකට ලක්ව සිටින ගර්භනී මවුවරුන්ගේ පෝෂණ තත්වය ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බව පැවසූ මන්ත්‍රීවරිය ඔවුන් වෙනුවෙන් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවද අවධාරණය කළාය.

කාලීන පුවත්