දරුවාගේ කුස ගිනි නිවන්න යැයි කියා ළදරු කිරිපිටි ටින් එකක් සොරකම් කළ සැකකරු අත් අඩංගුවට

අවුරුද්දයි මාස අටක් වයසැති තම දරුවාට බීමට කිරි පිටි ටිකක් නොමැති නිසා .අලුත්ගම පොලිසිය ආසන්නයේ සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගැනීමේ ආකාරයෙන් පැමිණ රුපියල් 3100ක් පමණ වටිනා ළදරු කිරිපිටි ටින් එකක් සොරකම් කිරීමට තැත් කළ 30 හැවිරිදි විවාහක දෙදරු පියකු පොලිස් අත් අඩංගුවට පත් ව ඇත.සුපිරි වෙළඳ සලට පැමිණි ඔහු ඇඳ සිටි කමිසයට යටින් සඟවනු දුටු සේවිකාවක දැක ආරක්ෂක නිලධාරියා දැනුවත් කිරිමෙන් පසු සිද්ධියට සම්බන්ධ සැකකරු අල්ලා අලුත්ගම පොලීසියට බාර භාරදී ඇති බව කියයි.සැකකරු ධීවරයකු බවත් මොරටුව ,මෝදර එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි කරුවකු බවත් පැවසෙන අතර ඔහු හඬා වැලපෙමින් පොලිසියට පවසා ඇත්තේ තමන් කිසිදාක කිසිදු සොරකමක් කර නොමැති බවත් තමන්ගේ අවුරුද්දයි මාස 8ක වයසැති දරුවා කුස ගින්නෙන් හඬනු බලා සිටිය නොහැකිව මෙලෙස කිරිපිටි පැකට්ටුවක් සඟවා ගෙන යෑමට පැමිණි බවයි.දැනට පවතින භූමිතෙල් හිඟය හේතුවෙන් ධීවර රැකියාව කර ගැනීමට නොහැකිව දරුවා වෙනුවෙන් මෙම සොරකම කිරීමට පෙළඹුණු බව සැකකරු පොලිසියට පවසා තිබේ.එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කාලීන පුවත්