දවසක විදුලි නිෂ්පාදන වියදම රුපියල් කෝටි 160 ක් තෙක් ඉහළට

වත්මන් නියඟයත් සමග රටේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා තාප බලාගාර හා නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් අඛණ්ඩව විදුලිය නිපදවීමට සිදුවීම නිසා දිනක විදුලි නිෂ්පාදන වියදම රුපියල් කෝටි 160 ක් (මිලියන 1600) දක්වා ඉහළ ගොස් ඇතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා මහතා කීය.ඔහු පවසනුයේ සුළං හා සූර්ය බලාගාර වියදම් මීට ඇතුළත්ව නැති බවකි.මේ දිනවල පවත්නා දැඩි අව් රශ්මිය නිසා දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 40 සිට ගිගාවොට් 50 දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඒ මහතා පැවසීය.කෙසේ වෙතත් දකුණේ පිහිටි ඒස් පවර් පුද්ගලික බලාගාරයෙන් මෙගාවොට් 100 ක් ලබාගැනීමට අනුමැතිය ලැබී තිබෙන නිසා කප්පාදුවකින් තොරව රටටම විදුලිය ලබාදීමට හැකි බව ද ඒ මහතා කීය.

කාලීන පුවත්