තිරිඟු පිටි මිල ඉහළ නැඟීම අද (29) සිට දින සිට දින 03ක් තුළ පාලනය නොකළහොත් පාන් ගෙඩියක මිල රුපියල් 60කින් හා බනිස්, මාලුපාන් වැනි තිරිඟු පිටි ආශ්රිත කෙටි ආහාරයක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි. මෙරටට අවශ්‍ය තිරිඟු පිටි සමාගම් 02ක් විසින් සැපයූ බවත්, එහෙත් පවතින ඩොලර් අර්බුදය නිසා අදාළ සමාගම් විසින් වෙළෙඳ පොළට නිකුත් කළ තිරිඟු පිටි ප්‍රමාණය 50%ක් දක්වා අඩු වූ බව පවසන ජයවර්ධන මහතා ඒ අනුව රුපියල් 200කට අඩුවෙන් අලෙවි වූ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 270ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් තිරිඟු පිටි මිල ඉහළ නැඟීම අද (29) සිට දින සිට දින 03ක් තුළ පාලනය කිරීම අනිවාර්යෙන් කළ යුතු බවත් කීය.