දහම් සිරිසේනත් සජිත්ට එක් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.ඒ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා මහතා අතර සාකච්ඡාවක් ද සිදුවී ඇතැයි පැවසෙයි. දහම් සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කොට තිබේ.

කාලීන පුවත්