හෙට(26) දිනයට යෙදෙන දහ නව වන සුනාමි සැමරුම වෙනුවෙන් ජාතික වශයෙන් වැඩසටහන් රැසක් දිස්ත්‍රික්ක මට්ටමෙන් පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මාධ්‍ය හමුවකදී කීය.ඒ මහතා ප්‍රකාශ කළේ, සුනාමි සැමරුම වෙනුවෙන් කොළඹ කොටුවෙන් පෑරළිය බලා ‘සුනාමි දුම්රිය’ ධාවනය කර පෑරළියේදී ආගමික වතාවත් සිදුකිරීමට නියමිත බවකි.එමෙන්ම හෙට(26) පැවැත්වෙන සුනාමි සැමරුමට සමගාමීව සුනාමි අනතුරු පිළිබඳ දැනුම් දීමේ විශේෂ දුරකථන නාදමාලාවක් හඳුන්වාදීමට ද නියමිත බව සුදන්ත රණසිංහ මහතා කීය.