දළදා කරඬුවට හිමි තැන ජනරජ ලාංඡනයට හිමි කෙරෙන ජනරජ පෙරහැර අද

1875 වසරෙන් පසු පස්වන වරටත් පවත්වනු ලබන ජනරජ පෙරහැර 75 වන නිදහස් දිනට සමගාමීව අද (19 )වන දින ප.ව 6.00 ට මහනුවර ශ්‍රි දළදා මාළිගා පරිශ්‍රයේ දී පැවැත්වෙයි.දළදා කරඬුව වෙනුවට ජන රජ ලාංඡනය ඇතු පිටින් ගෙන යන මෙම ජනරජ පෙරහැර කිසිදු අය කිරිමකින් තොරව දේශීය හා විදේශශීය සංචාරකයින්ට නැරඹිමේ අවස්ථාව සලසා දි ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාලවලට මේ සඳහා ආරාධනා කර ඇති අතර තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් මේ සඳහා සහභාගි වීමට නියමිත ය. නමුදු මෙම පෙරහැර සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු නා හිමි වරුන්ගේ ප්‍රකාශ මෙතෙක් නිකුත් වී නොමැත. මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් මත මහනුවර දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැරට අනුරූප සේ සංවිධානය කෙරෙන බව ද පැවසෙයි.

කාලීන පුවත්