මහනුවර ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධ ගැටළුකාරී තත්වයන් කිහිපයක්ම උද්ගත වී තිබේ.මේ වන විට ඊට සහභාගී වූ සිවු දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වන අතර පොලිසිය පවසන්නේ ඉන් තිදෙනෙකු හෘදයාබාධ හේතුවෙන් මිය ගොස් ඇති අතර තවත් කාන්තාවක් ත්‍රී රෝද රථයක ගැටීමෙන්මිය ගොස් ඇති බවයි.මිය ගිය පුද්ගලයෝ කුලියාපිටිය, බණ්ඩාරගම, ගලිගමුව සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.අම්පිටිය ප්‍රදේශයේ පෝලිමේ රැඳී සිට කාන්තාවක සහ පිරිමි අයෙකු, කටුගස්තොට නගරය ආසන්නයේ පෝලිමේ සිටි කාන්තාවක්ද මියගොස් ඇති අතර.මියගිය සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්ම වූ අය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.මේ අතර මහනුවර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනුයේ අවසන් දිනයේ රෝගී වූ වන්දනාකරුවන් 420ක් රෝහල්ගත කරන ලද බවත් තවත් විශාල පිරිසකට ප්‍රතිකාර ලබා දී ඇති බවත්ය.එමෙන්ම දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණි පිරිස් හෙළන අප ද්‍රව්‍ය සේම මිනිස් මල සහිත කවර ද මහනුවර වැව් පරිශ්‍රයේ විසිරී ඇති බවට තොරතුරු ලැබී තිබේ.ඒ අතර දළදා ප්‍රදර්ශනය සම්බන්ධ පෝලිම් වල සිදු වූ සාමය කඩවීම් පාලනය කිරීම පිණිස යුද හමුදාව කැඳවීමට පවා සිදුව තිබේ.මේ තත්වය පිළිබඳව විමසා බැලීම පිණිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඊයේ(24) රාත්‍රියේ මහනුවර බලා ගොස් තිබේ.නමුත් මහනුවර ප්‍රදේශවාසීන් පවසනුයේ එදා මෙදා තුර පැවැති දළදා ප්‍රදර්ශන අතුරින් අසංවිධානාත්මකම දළදා ප්‍රදර්ශනය මෙය බවය.