සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන විශේෂ දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18වනදා ආරම්භකිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනූව ලබන අප්‍රේල් මස 18 සිට 28 දක්වා දින 10ක් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී එම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.‘සිරි දළදා දැක්ම’ නමින් පැවැත්වෙන මෙය දළදා මාලිගය පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වෙයි.
මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ දියවඩන නිලමේවරයා මෙම දිනයන් තීන්දු කර තිබේ.ජනාධිපති අනුර කුමාර දිසානායක මේ සඳහා මූලික යෝජනාව පසුගියදා ඉදිරි පත්කර තිබුණි.
මෙවර දළදා වහන්සේ ප්‍රදර්ශනය සිදුවන්නේ වසර 16කට පසුවයි.