දානමය පින් කමක් සේ සළකා වෙසක් දවසේ සිට වත් විදුලි බිල අඩු කරන්න

වෙසක් පොහෝ දිනය මෙරට ජනතාව බුදුන් අනුස්මරණය කළේ අවම වශයෙන් එක පහනක් හෝ එක විදුලි බුබුළක් දල්වා වුවත් මෙවර ජනතාවට එවැනි දේ සිදු කිරීමට වත් හැකියාවක් නොමැති බැවින් දානමය පින්කමක් ලෙස සළකා හෝ ඉහළ ගිය විදුලි බිලට සහනයක් ලබා දෙන ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා ගෙන් ඉල්ලා සිටියි. ශීඝ්‍රයෙන් ඉහළ ගිය විදුලි බිල හේතුවෙන් අපහසුතාවයට පත් වී සිටින ජනතාව පිළිබඳව සළකා බලා වෙසක් පොහෝ දින සිටි වත් එම සහනය ජනතාවට ලබා දෙන ලෙස ආනන්ද හිමියන් ඇමති වරයාගෙන් ඉල්ලා තිබේ.

කාලීන පුවත්