දැඩි උණුසුම් කාලවල ඇති වන තාප ආතතිය ගැන දැන ගනිමු

vinivida

මේ දිනවල පවතින්නේ ශරීරයට පීඩාකාරී දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයකි. මෙම පෙබරවාරි මාසයෙන් ඊසාන දිග මෝසම් තත්ත්වය අවසන් වුවත්,මාර්තු අප්‍රේල් මාසවල එළඹෙන අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය නිසා මීටත් වඩා උණුසුම් සහගත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් පළ වී තිබූ පුවතකට අනුව අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය පවතින මාර්තු, අප්‍රේල් මාසවල සුළං හමන වේගය අඩුවීමත්, අධික හිරු එළිය පොළොවට පතිත වී පොළොවෙහි ජලාශ ප්‍රදේශ රත් වීමෙන් වායු ගෝලය ජල වාෂ්පවලින් සන්තෘප්ත වීමත් නිසා මිනිස් සිරුරට දමන දහඩිය වියලෙන්නට බාධා පැමිණෙයි. මේ නිසා සිරුරට අධික උණුසුමක් දැනෙනු ඇත.

දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයන්වලදී හිරු එළියට දිගු වේලාවක් සෘජුවම මුහුණ දෙමින් අව්වේ වැඩ කරන, ක්‍රීඩා කරන පුද්ගලයන්ට තාප ආඝාත (heat stroke) තත්වය හට ගැනීමට ඉඩ තිබේ. මෙම රෝග තත්ත්වය ඇතැම් විට මාරාන්තික වීමටද පුළුවන.
ඒ කායික පැත්තෙනි. අප මේ කතා කරන්නට යන්නේ එම කායික පැත්ත ගැන නොවේ. අධික උණුසුම් සහගත කාලගුණවලදී මානසික පැත්තෙන් ද මානසික රෝග හෝ අර්බුද නොවන යම් යම් මානසික තත්ත්වයන් දැඩි උණුසුම නිසා හට ගත හැකිය.

මෙවන් දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයන්වලදී හිරු එළියට දිගු වේලාවක් සෘජුවම මුහුණ දෙමින් අව්වේ වැඩ කරන, ක්‍රීඩා කරන පුද්ගලයන්ට තාප ආඝාත (heat stroke) තත්වය හට ගැනීමට ඉඩ තිබේ. මෙම රෝග තත්ත්වය ඇතැම් විට මාරාන්තික වීමටද පුළුවන.
ඒ කායික පැත්තෙනි. අප මේ කතා කරන්නට යන්නේ එම කායික පැත්ත ගැන නොවේ. අධික උණුසුම් සහගත කාලගුණවලදී මානසික පැත්තෙන් ද මානසික රෝග හෝ අර්බුද නොවන යම් යම් මානසික තත්ත්වයන් දැඩි උණුසුම නිසා හට ගත හැකිය. මේවා බොහෝ විටම ආතති ලක්ෂණයි. තාප ආතතිය (heat stress) ලෙස මෙය හඳුන්වා දීමට පුළුවන.නමුත් මේ පිළිබඳව අදත් බොහෝ දෙනෙක් නොදනිති.

මෙවැනි ශරීරයට පීඩාකාරී දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයන්වලදී බොහෝ දෙනෙක් නුවරඑළිය වැනි සෞම්‍ය දේශගුණයක් ඇති ප්‍රදේශවල සංචාරය කිරීමට ප්‍රියතාවයක් දක්වති. මේ නිසා සිතට සහනශීලි බවක් ඇතිවේ. මෙය මානසිකව ද සුපුරුදු පරිසරය තාවකාලිකව හැරයාමක් වන අතර එය මානසික ප්‍රබෝධමත්භාවය සඳහා හේතු වනු ඇත.
දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයන්වල දී හට ගන්නා තාප ආතතියෙහි දී ඇතිවන ලක්ෂණ අතර වෙනදා නොමැති තරමට සුළු කරුණකට පවා තරහ යාම, ආවේග පාලනය අපහසු වීම, නොරුස්නා සුළු ගතිය, මනෝභාවයන් හෙවත් මූඩ් පහත වැටීම, සෘණාත්මක සිතිවිලි වැඩියෙන් දැනීම, ආත්ම අභිමානය පහත වැටීම, සිතෙහි විසිරුණ ස්වභාවය වැඩිවීම නිසා සිතිවිලි එකඟ කරගැනීමට අපහසුවීම, අවධානය අඩු වීම, අමතක වීම් වැඩිවීම මේ අතරින් ප්‍රධාන වේ.
තද උණුසුම් කාලගුණවලදී ඇතිවන කායික වෙනස්කම් වෙනම පවතියි. ඒ හැරුණු විට මෙකී ආතති ලක්ෂණ හේතු කොට ගෙනද වෙනම ම කායික වෙනස්කම්
ඇතිවේ. ඒ අතර හිසරදය, කෑම අරුචිය, ශාරීරිකව ඇතිවන වේදනාව, තෙහෙට්ටුව, හෘද ස්පන්දනය ඉහළයාම, උදරාබාධ, දහඩිය දැමීම, උගුර කට වියළීම, කරකැවිල්ල, මුත්‍රා පිටවන සහ වැසිකිළි යන රටාව වෙනස් වීම, ලිංගික සබඳතා කෙරෙහි උනන්දුව අඩුවීම ආදිය ඉන් ප්‍රධාන ය.
කෙසේ වුවද මෙම ආතතිය නිසා හටගන්නා මානසික ලක්ෂණ මෙන්ම ආතතිය නිසාම හටගන්නා කායික ලක්ෂණත් පුද්ගලයාගෙන් පුද්ගලයාට අඩු වැඩි වශයෙන් වෙනස් වන බවද සැලකිය යුතුය.

උණුසුම් දේශගුණික කලාපවල ඉපදී හැදී වැඩී ජීවත් වෙන අයට මෙය එතරම් ගැටලුවක් නොවේ. නමුත් සෙසු අය මෙවැනි දේශගුණික තත්ත්වයන්වලදී ඉහත කී ආකාරයට බොහෝසෙයින් කායික සහ මානසිකවත් පීඩාවට පත්වනු ඇත. මේ කාලවලදී සාමාන්‍ය දිනවලට වඩා වැඩියෙන් ජලය පානය කිරීම අතිශය වැදගත් වන අතර දහඩිය උරා ගන්නා කපු ඇඳුම් භාවිතා කළ යුතු වෙයි. විශේෂයෙන් යට ඇඳුම් කපු රෙදිවලින් පිළියෙළ කළ ඒවා වීම අනිවාර්ය වේ.

ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්ව පාලන ක්‍රියාවලියට අධික තාපය නිසා බාධා ඇතිවෙයි. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය වැඩිවීම නිසා සිරුරට තදට සිටින ඇඳුම් ඇඳීම, වැඩ බිම්වල ඕවර්රෝල් වැනි ඇඳුම් ඇඳ දැඩි අව්රශ්මියෙහි වැඩ කිරීම මේ කාලයට සුදුසු නොවේ.
මේ කාලයේ එළිමහනේ වැඩි වේලාවක් ක්‍රීඩා කිරීම නිසා මේ තත්ත්වයන් තවත් වැඩිවෙයි. දැනටමත් මානසික රෝගවලින් පෙළෙන අයගේ එම රෝග අධික උෂ්ණත්වය නිසා තවදුරටත් තීව්‍ර වීමක් දැකිය හැකිය. එනිසා විවිධ මානසික රෝගවලට ප්‍රතිකාර ගන්නා අය දැඩි උෂ්ණත්වයට මුහුණ දීමෙන් හැකිතාක් වැළකී සිටීම සුදුසු වේ. විශේෂයෙන් ලිතියම් වැනි ඖෂධ ගන්නා රෝගීන් ජලය වැඩිපුර පානය කිරීම අත්‍යවශ්‍යය. දැඩි උෂ්ණත්වය නිසා මෙම රෝගීන් තුළ විජලනය ඇතිවුවහොත් ශරීරයේ ලිතියම් ප්‍රමාණය වැඩිවීමෙන් එය ශරීරයට විෂ විය හැකි බැවිනි.

උණුසුම් දේශගුණික කලාපවල ඉපදී හැදී වැඩී ජීවත් වෙන අයට මෙය එතරම් ගැටලුවක් නොවේ. නමුත් සෙසු අය මෙවැනි දේශගුණික තත්ත්වයන්වලදී ඉහත කී ආකාරයට බොහෝ සෙයින් කායික සහ මානසිකවත් පීඩාවට පත්වනු ඇත. මේ කාලවලදී සාමාන්‍ය දිනවලට වඩා වැඩියෙන් ජලය පානය කිරීම අතිශය වැදගත් වන අතර දහඩිය උරා ගන්නා කපු ඇඳුම් භාවිතා කළ යුතු වෙයි. විශේෂයෙන් යට ඇඳුම් කපු රෙදිවලින් පිළියෙළ කළ ඒවා වීම අනිවාර්ය වේ. සිල්ක් වැනි රෙදි වර්ගවලින් දහඩිය උරා ගැනීමක් සිදු නොවන නිසා සමේ නොයෙකුත් ආකාරයේ අසාත්මිකතා ඇති වීම සඳහා මෙම ඇඳුම් හේතු විය හැකිය. ශරීරය කැසීම වැනි දෑ විශේෂයෙන් මේ හේතු නිසා ඇතිවිය හැකි අතර මෙයද ආතතිය වැඩි කිරීමට බොහෝ සෙයින් ඉවහල් වේ.
කෙසේ වුවද මෙම මානසික ආතති ලක්ෂණ දැඩි උණුසුම් කාලගුණය පහව ගිය පසු යථා තත්ත්වයට පත්වනු ඇත. එනිසා මෙය රෝගයක් හෝ මානසික අර්බුදයක් නොවේ.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ඉන්දු පෙරේරා

එතෙර - මෙතෙර