නිශ්චිත වැඩපිළිවෙලකින් තොරව නිර්මාණය කරන සර්ව පාක්ෂික ආණ්ඩුවලින් පලක් නොවන බවත් දැන් රටට අවශ්‍ය සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් මිස සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා පවසයි.ඔහු පවසන්නේ රජය විපක්ෂයේ දේශපාලන නායකයන්ට කතා නොකොට මන්ත්‍රී වරුන්ට කතා කිරීමෙන් තම බලය තහවුරු කර ගැනීමට වෙර දරනු මිස රටට ජනතාවට සේවයක් කිරීමට නොසිතන බවකි. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.