දැනුම්දීමකින් තොරව ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කිසිදු දැනුම්දීමකින් තොරව ජල සැපයුම අත්හිටුවා ඇතැයි බත්තරමුල්ල, ජයන්තිපුර ජල පාරිභෝගිකයින් පවසයි.

එලෙස ජල සැපයුම අත්හිටුවා ඇත්තේ, පසුගිය සෙනසුරාදා සිටයි.ඒ හේතුවෙන් සිය දෛනික කටයුතු සිදු කරගැනීමට නොහැකිව දැඩි පීඩාවට පත්ව ඇතැයි ඔවුන් සඳහන් කළේ ය.

අප ඒ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් විමසීමක් කළේ ය.එහි සාමාන්‍යාධිකාරී ටී භාරතීදාසන් මහතා සඳහන් කළේ, පවතින වියළි කාලගුණත් සමග එලෙස ජල සැපයුම සීමා වී ඇති බවයි.

කාලීන පුවත්