ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් තමන් සතුව ඇති බැවින් තවදුරටත් රටත් ජනතාවත් අපහසුතාවයට පත් නොකර රටේ පාලන වගකීම තමන්ට බාර දෙන්නැයි සමඟි ජ්න බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටී.ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම පිණිස සමගි ජන බලවේගය ප්‍රමුඛ තාවකාලික සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට තමන් සූදානම් බවත් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමෙන් අනතුරුව කෙටි කාලයක් තුළ නව ජනවරමක් මඟින් අඛණ්ඩව වසර පහක ස්ථාවර රාජ්‍ය පාලනයක් ස්ථාපිත කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය. එහෙත්, ජනතාවගේ ප්‍රශ්නවලට තමන් සතුව ඇති විසඳුම් මොනවාද?යන්න ඔහු මෙහි දී විස්තර නොකළ අතර ‘රට බේරාගැනීමේ සතිය’ ලෙස නම් කර ඇති විරෝධතා සතියක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවේදී විපක්ෂ නායක මේ අදහස් පළ කළේය.