දිනකට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ 250යි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් පාස්පෝට් පොත් සංචිත විසි දහසක පමණ ප්‍රමාණයක් දක්වා අඩු වීමෙන් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අවුල් ජාලාවක් බවට පත්ව තිබේ.

මෙම තත්ත්වය හමුවේ ගුවන් ගමන් බලපත්‍ර දෙසීය පනහක පමණ සංඛ්‍යාවක් දින වේලා වෙන්කරගත් පිරිස් හට දෛනිකව නිකුත් කරන බවත් එම දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග කියා සිටියි.

මෙම දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේත් ප්‍රාදේශීය කාර්යාලවලත් නිසි වැඩපිළිවෙළකට අනුව ගුවන් ගමන් බලපත්‍ර නිකුත් නොවීම මත ඉල්ලුම්කරුවන්ට දින දෙක තුනක පමණ කාලයක් පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබෙන බව එම පරිශ්‍රයේ කළ නිරීක්ෂණවලදී පැහැදිලිය.

පවතින ගුවන් ගමන් බලපත්‍ර නිකුත් ක්‍රමවේදය වෙනුවට ඉලෙක්ට්‍රෝනික් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය ගත් තීරණය මත අදාළ ඉලෙක්ට්‍රෝනික් ගමන් බලපත්‍ර ගෙන ඒමේ ටෙන්ඩරය පුද්ගලික සමාගමක් වෙත ලබාදී ඇත.

මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දැනට නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර හිස් පොත් ගෙන්වීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර නොගැනීමත් ඉලෙක්ට්‍රෝනික හිස් ගුවන් ගමන් බලපත්‍ර ලැබීම ලබන ඔක්තෝබරයදී සිදුවීමත් මත ගැටලුකාරී තත්ත්වය උද්ගත වී අත.

කාලීන පුවත්