මේ වන විට පවතින විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය මගහරවා ගැනීම සඳහා දිනකට නිකුත් කරන ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4,000ක් දක්වා ඉහළ දැමීමට අනුමැතිය හිමි වී තිබේ.
එමෙන්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙයි.
ඒ සඳහා අවශ්‍ය අතිරේක කාර්ය මණ්ඩලය, එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාවයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම මඟින් සහ දැනට රජයේ සේවයේ නිරත නිලධාරීන්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විමසමින් අනුයුක්ත කර ගැනීමට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.