දින තුනකට ලිට්‍රෝ ගෑස් ඇවිත්

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ නැංගුරම්ලා ඇති නැවකින් මුතුරාජවෙල පර්යන්තය වෙත ගෑස් පොම්ප කිරීම අද(08) අළුයම සිට ආරම්භ කර පෙරවරුවේ සිටම ගෑස් බෙදාහැරීම ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකයෙක් කීය.පළමුව ගෑස් ලබාදීම සිදුවන්නේ රෝහල් කර්මාන්තශාලා ඇතුලු වෙනත් අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා මෙන්ම බස්නාහිර පළාත සඳහා බවත් දෙවනුව පිට පළාත්වල වෙනත් පාරිභෝගිකයන් සඳහාත් ගෑස් බෙදා හැරෙන බවත් ඔහු වැඩිදුරටත් කීය..මෙම නෞකාවෙන් ආනයනය කළ සමස්ත ගෑස් තොගය මෙට්‍රික් ටොන් 3,600 ක් වන අතර මෙරට දෛනික ගෑස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1,100 ක් පමණ වන බැවින් මෙම ගෑස් තොගය ප්‍රමාණවත් වන්නේ දින 03 කට පමණි.

කාලීන පුවත්