මේ දිනවල උතුරු ඉන්දියාවට ඇද හැලෙන අධික මෝසම් වර්ෂාපතනය හේතුවෙන් දිල්ලි නගරයට ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.අධික වර්ෂාපතනය මුල් කොට ගත් ස්වාභාවික විපත් හේතුවෙන් පසුගිය සෙනසුරාදා සිට අවම වශයෙන් 20ක් වත් මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම අයහපත් කාලගුණික තත්වය එළඹෙන සිකුරාදා දක්වා දිගටම පවතිනු ඇතැයි කාලගුණික අනාවැකි පළ වී තිබේ. ප්‍රාන්ත කිහිපයක ගස් කඩා වැටී, නිවාස ජලයෙන් යටවී ඇති අතර ප්‍රධාන මාර්ග කිහිපයක් වසා ඇති බව පැවසෙයි. යමුනා නදියේ ජල මට්ටම් අනතුරුදායක මට්ටම් දක්වා ඉහළ යාමත් සමඟ දිල්ලි නගරයේත් ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ගං ඉවුර ආශ්‍රිතව ජීවත් වූ දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත. අවදානමට ලක්විය හැකි වෙනත් ප්‍රදේශවල ද වෙසෙන පදිංචිකරුවන්ට අවශ්‍යවුවහොත් ඉවත්වීමට සූදානම් වන ලෙස ද ජනතාව දැනුවත් කොට තිබේ. අධික වර්ෂාපතනය හේතුවෙන් යමුනා නදියේ මතින් වැටී ඇති ප්‍රධාන පාලමක් හරහා ගමනාගමනයද නවතා දමා තිබේ.දෙවන දිනටත් පාසල් වසා දමා ඇති බව සඳහන් ය. දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් පැවසුවේ ඉදිරි දින දෙක දිල්ලි නගරයට තීරණාත්මක බලපෑම් එල්ල වනු ඇති නමුත් ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට තම රජය සූදානම් බවකි.