දිවයිනේ නගර කිහිපයක වායු ගුණ තත්ත්ව දර්ශකය අහිතකර වෙයි

කොළඹ ඇතුළු දිවයිනේ නගර කිහිපයක වායු ගුණ තත්ත්ව දර්ශකය සුළු වශයෙන් අහිතකර මට්ටමට ළඟා වී තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් සංවේදී පුද්ගලයන්ට ස්වසන අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙසයි.

කොළඹ සහ මහනුවර නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය අද (07) 122ත් 130ත් අතර මට්ටමේ පැවතුණා.

එසේම මහනුවර, කෑගල්ල, රත්නපුර, ඇඹිලිපිටිය, බදුල්ල, මඩකලපුව, කළුතර, හම්බන්තොට සහ මොණරාගල යන නගරවලද එම තත්ත්ව දර්ශකය සුළු වශයෙන් අහිතකර මට්ටම දක්වා වර්ධනය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

කාලීන පුවත්