දිවයිනේ වායු ගුණාත්මකභාවය පහතට

දිවයිනේ ප්‍රදේශ රැසක වායූ ගුණාත්මකභාවය යළි පහත වැටී තිබේ.

ඒ ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමඟ සුළං ප්‍රවාහයේ වෙනස් වීම හේතුවෙන්.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ මෙම තත්ත්වය හෙට පස්වරුව දක්වා පවතින බවයි.

ප්‍රදේශ රැසක වායූ ගුණාත්මක දර්ශක අගය 100ත් 150ත් අතර අගයක පවතින බවද ඔහු ප්‍රකාශ කරයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වායූ ගුණාත්මක දර්ශක අගය 50ට අඩු මට්ටමක පැවතිය යුතු බවයි.

කාලීන පුවත්