දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල තත්ත්වය අයහපත් බවට අනාවරණයක්

මෙරට බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්ගේ ධාරිතාව සියයට 290 ඉක්මවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඔහු පැවසුවේ 2022 දෙසැම්බර් 31 වන විට ශ්‍රී ලංකාව පුරා බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවියන්ගේ ධාරිතාව 11,291ක් වන නමුත් එම කාලය තුළ රඳවාගෙන සිටි පුද්ගලයින් සංඛ්‍යාව 26,176ක් බවයි.

ඒ අනුව බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවියන්ගේ ධාරිතාව 232% ඉක්මවා තිබේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කරන ලද “බන්ධනාගාරවල තදබදය කළමනාකරණය පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව” මගින් මේ බව අනාවරණය විය.

කාලීන පුවත්