ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවට විධිමත් ගවේෂණාත්මක පුවත්පත් කලාව එක් කළ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (20) පස්වරු 5.00ට ගාල්ල, දඩල්ල පොදු සුසාන භූමි ආදාහනාගාරයේ දී සිදු කෙරිණ.ඒ සමඟ අප රටේ මාධ්‍ය සේම සමාජ දේශපාලන විචාර සම්බන්ධ තවත් යුගයක් ඉතිහාසයට එක් විය.ඒ පුවත්පත් කලාව ඇතුළු ජන මාධ්‍යයන් තුළ සේම සමාජ දේශපාලන විචාරයන් තුළ වික්ටර් අයිවන් ප්‍රතිරූපය මතු සමාජයට දායාද කරමිනි.කලක් අසනීපව සිටි ඔහු ඉකුත් 19 වනදා මියයන විට 75 වන වියෙහි පසු විය.
ජීවිතයේ මැද වයසට සමීපවත්ම දේශපාලන විචාරකයෙකු න්‍යායාචාර්යවරයෙකු, සමාජ ක්‍රියාකාරිකයෙකු වශයෙන් තම විෂය පාරාසය පුළුල් කර ගත් වික්ටර් අයිවන් පසුව රට තුළ වඩාත් පතල වූයේ ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියෙකු ලෙසිනි.මෙරට විධිමත් ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් නොමැති යුගයක මෙහි එවැන්නක් රෝපණය කොට මල් ඵල ගැන්වීම තුළින් ඔහු විශිෂ්ඨතමයෙක් වේ.ඒ ඔහු ආරම්භ කළ ඔහු රාවය සඟරාව සහ පුවත්පත් මඟිනි.රාවය පුවත්පතේ කර්තෘවරයා ලෙස කිසිවිටක කිසිවෙකුට නොබියව සිය පන්හිඳ හැසිරවූ ඔහු ප්‍රබල දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වූ සරත් එන් සිල්වා පිළිබඳ ඔහු සිදුකළ ගවේෂණාත්මක අනාවරණයන් අදටත් කතාබහට සමාජයේ කතා බහට ලක් වේ.
මෑත කාලීන ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ මහ හඬක් ආන්දෝලනයක් නඟමින් තම “සලකුණ’නොමැකෙන සේ සටහන් කොට නිහඬව නික්ම ගිය මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් උපත ලැබුවේ 1949 වසරේ ජූනි 26 වනදා ය.ඔහු කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.යොවුන් වියේ සිට විප්ලවකාරී අදහස්වලින් පිරිපුන් වික්ටර් අයිවන් තරුණ අවදියේදී සිය ජවය ජනතා විමුක්ති පෙරමුණේ 1971 කැරැල්ලට ලබාදුන්නේ “පොඩි අතුල” ලෙස පෙනී සිටිමිනි.එවක ඔහු ගේ වයස අවුරුදු විසි දෙකකි. 1971 කැරැල්ලේ සන්නද්ධ අංශයේ කටයුතු කළ ඔහු සිය ජීවිතය පවා අවදානමේ හෙළමින් ක්‍රියා කොට ඒ කැරැල්ල පිළිබඳව වූ 71 මහ නඩුවේ 7 වන විත්තිකරු ද විය.ජීවිතයේ මැද වයසට සමීපවත්ම දේශපාලන විචාරකයෙකු න්‍යායාචාර්යවරයෙකු, සමාජ ක්‍රියාකාරිකයෙකු වශයෙන් තම විෂය පාරාසය පුළුල් කර ගත් වික්ටර් අයිවන් පසුව රට තුළ වඩාත් පතල වූයේ ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියෙකු ලෙසිනි.මෙරට විධිමත් ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් නොමැති යුගයක මෙහි එවැන්නක් රෝපණය කොට මල් ඵල ගැන්වීම තුළින් ඔහු විශිෂ්ඨතමයෙක් වේ.ඒ ඔහු ආරම්භ කළ ඔහු රාවය සඟරාව සහ පුවත්පත් මඟිනි.රාවය පුවත්පතේ කර්තෘවරයා ලෙස කිසිවිටක කිසිවෙකුට නොබියව සිය පන්හිඳ හැසිරවූ ඔහු ප්‍රබල දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වූ සරත් එන් සිල්වා පිළිබඳ ඔහු සිදුකළ ගවේෂණාත්මක අනාවරණයන් අදටත් කතාබහට සමාජයේ කතා බහට ලක් වේ. ඍජු ගවේෂණාත්මක මාධ්‍යකරණය නිසාම ලංකාවේ වැඩිම අපහාස නඩු සඳහා මුහුණ දීමට සිදු වූ මාධ්‍යකරුවා ලෙස ද වික්ටර් අයිවන් ඉතිහාසගත වේ. සාපරාධී අපහාස නීතිය යටතේ මෙරට මාධ්‍යවේදීන්, රාජ්‍ය තන්ත්රයෙන් නිරතුරුව බැටකමින් සිටියදී ඊට එරෙහිව හඬ නගමින් එම නීතිය ඉවත් කිරීම සඳහා විචක්ෂණශීලිව ක්‍රියා කළ ඔහු ලබා දුන් සමාජමය ප්‍රතිලාභය අපි අද ද භුක්ති විඳිමු. පුවත්පත් කලාවේදියෙකු ලෙස පමණක් නොව ගත් කතුවරයෙකු ලෙසත් මහත් සමාජ මෙහෙවරක් කළ ඔහු අඳ ගොවිතැනේ අභියෝග, 71 කැරැල්ල, දෙමළ අභියෝගය, පන්සලේ විප්ලවය, දේශපාලනයේ පවුල සහ කුලය, පෑන අහිංසකද?, කඳුළු සලන පාරාදීසය, දෙමළ අභියෝගය, ලංකාව ගලවා ගැනීම ඇතුළු ග්රන්ථ රැසක් රචනා කළ අතර ඒ අතරින් චෞර රැජින ග්‍රන්ථය සමාජයේ දැඩි කතාබහකට ලක්විය.
විවිධ සමාජමය සහ දේශපාලන අරමුණු උදෙසා වරින් වර ජන රැලි හට ගැනීම සෑම සමාජයකම දක්නට ලැබෙන්නකි.එවිට ඒ රැල්ලට සමපාතව ජන විඥානයේ පැහැදිලි වෙනස්කම් දක්නට පුළුවන නමුදු එම සෑම ජන රැල්ලක්ම සාධනීය නොවන සේම සමහරක් ජන රැලි සමාජමය අපගමනයන්ට පවා හේතු වී ඇති අයුරු ද අපි එදා මෙදා තුර අත්දැක ඇත්තෙමු.එහෙත්, ඒ කිසිදු ජන රැල්ලක් මඟින් මතවාදී ගසාගෙන යාමකට ලක් නොවූ වික්ටර් අයිවන් පවත්නා සමාජ මතයට එරෙහිව පවා තම නිදහස් මතය ඉදිරිපත් කළ නිර්භීත සමාජ දේශපාලන විචාරකයකු වූයේ ඇතැම් විට සමාජමය දෝෂාරෝපණ වලට ද බඳුන් වෙමිනි.මෑත කාලීන සමාජය තුළ මෙතරම් ප්‍රබල හඬක් නැංවූ මේ සුවිශේෂ මිනිසා තම මරණයෙන් පැය විසි හතරක් යාමට පෙර දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන මෙන් ඉල්ලා සිටියේ තම ජීවිතය සේම මරණය ද අනවශ්‍ය විච්චූරණයක් කර ගැනීමට කිසිවකුටත් ඉඩ නොදෙමින් විය යුතුය.මේ ඔහු ගේ ජීවිතය හා සම්බන්ධ ඉතා කුඩා සිදුවීමකි.වික්ටර් අයිවන් නමැති මහා කාව්‍යයෙන් පිටුවක් බඳු මෙම සටහන් ලියනුයේ වත්මන් පරපුරේ ප්‍රමුඛතම පරිසර ක්‍රියාධරයකු හා මාධ්‍යවේදියකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් විසිනි.
දුෂ්කරම අවදියක හයියට හිටි ජ්‍යෙෂ්ඨයෙක්
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ අභාවය පිළිබඳව දැනගත් මොහොතේ මගේ මතකය ඇදී ගියේ මීට අවුරුදු දහයකට පමණ පෙර අතීතයට ය.
එවකට මම ජනරළ පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටි සමයකි. යුද්ධය නිමාවී කලක් ගතවී තිබුණ ද තමන් විසින්ම සකස් කළ උගත් පාඩම් සහ ප්රතිසංධාන යෝජනාවලියට පයින් ගසමින් උතුරු නැගෙනහිර ජනයා තව දුරටත් පීඩාවට පත් කරමින් රාජපක්ෂ ආණ්ඩුව අත්තනෝමතිකව කටයුතු කරමින් සිටියේය.
මෙම තත්වය යටතේ උගත් පාඩම් අනුව ප්රගමනයක් සිදු නොවීම පිළිබඳව කරුණු වාර්තා කිරීම සඳහා දින තුනක ගවේෂණාත්මක ජනමාධ්‍ය පුහුණු වැඩමුළුවක් රාජ්‍ය නොවන ආයතනයකින් සංවිධානය කෙරුණු අතර ඊට මා හට ද සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණි. දිවයින පුරා මාධ්‍යවේදීන් කණ්ඩායම් කිහිපයක් පුහුණු කිරීමට අපේක්ෂා කළ නමුත් රාජ්‍ය මර්දනය හේතුවෙන් ඒවා අපේක්ෂා කළ ආකාරයට පවත්වා ගැනීමට නොහැකි වුවත් කළුතර ප්‍රදේශයේ හෝටලයක පැවති අපගේ පුහුණු වැඩමුළුව සාර්ථකව නිමා කිරීමට හැකියාව ලැබුණි.
ඉන් පසු උතුරු නැගෙනහිර පළාත් වල සංචාරයකර කරුණු ගවේෂණයකර තමන් සේවය කරන පුවත්පත් වලට ගවේෂණාත්මක වාර්තා සැපයීමට ද අපට අවස්ථාව හිමි වූ අතර ඒවා සම්පිණ්ඩනය කර පසුව පොතක් ද පළකරන ලදී.
එම පුහුණු වැඩමුළුව සහ ගවේෂණාත්මක වාර්තා සැපයූ මාධ්‍යවේදීන්ට සහතිකපත් පිරිනැමීමේ උත්සවය කොළඹ ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ අතර අදාල දිනයේ උදෑසන මම එහි ගියෙමි. හෝටලයට ඇතුළු වී මගේ පැමිණීමට හේතුව පැවසූ අතර එහි සේවකයන් මදෙස බලා සිටියේ තැතිගත් ස්වරූපයෙනි. ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ එම උත්සවය අදාල හෝටලයේ නොපැවැත්වෙන බව ය.
ලද පිළිතුරෙන් තෘෂ්නිම්භූතවූ මා මෙම වැඩසටහනේ සම්බන්ධීකාරක ජයසිරි ජයසේකර අයියා දුරකථනයෙන් සම්බන්ධ කරගතිමි. උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබූ හෝටලයට එදින උදෑසන එල්ල කෙරුණු තර්ජනයක් නිසා උත්සවය එහි නොපැවැත්වෙන බවත් එය හොර රහසේ කොළඹ 07 ප්‍රදේශයේ ස්ථානයක පැවැත්වෙන බවත් ඔහුගෙන් දැනගන්නට ලැබුණි.
අපට සහතිකපත් ප්රදානය කිරීමට පැමිණ තිබුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ය. උත්සවයට දිවයිනේ නන් දෙසින් පැමිණීමට සූදානමින් සිටි මාධ්‍ය සහෘදයින් සැලකිය යුතු පිරිසක් තර්ජන හේතුවෙන් පැමිණ සිටියේ ද නැත. උත්සවය පැවැත්වෙන අතර පවා විවිධ පුද්ගලයන් සම්බන්ධීකාරක ජයසිරි අයියාට දුරකථනයෙන් මරණ තර්ජන සිදුකළ අතර වාරයේ, ඒ දුෂ්කරම අවස්ථාවේ අප සමග හිටගෙන සිටි, අපට හයියක් වූ ඒ අසහාය ජ්‍යෙෂ්ඨයා මට හමුවූ ප්‍රථම හා අවසන් අවස්ථාව ද එයය.
යම් කිසිවෙකු මා හඹා විත් අදාල ස්ථානය සොයාගනු ඇතැයි ඇතිවූ සැකය මත ගමන කොටස් කිහිපයකට කඩා වටේ ගොස් මම අදාල තැනට ගියෙමි.
එහිදී අපට සහතිකපත් ප්රදානය කිරීමට පැමිණ තිබුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ය. උත්සවයට දිවයිනේ නන් දෙසින් පැමිණීමට සූදානමින් සිටි මාධ්‍ය සහෘදයින් සැලකිය යුතු පිරිසක් තර්ජන හේතුවෙන් පැමිණ සිටියේ ද නැත. උත්සවය පැවැත්වෙන අතර පවා විවිධ පුද්ගලයන් සම්බන්ධීකාරක ජයසිරි අයියාට දුරකථනයෙන් මරණ තර්ජන සිදුකළ අතර වාරයේ, ඒ දුෂ්කරම අවස්ථාවේ අප සමග හිටගෙන සිටි, අපට හයියක් වූ ඒ අසහාය ජ්‍යෙෂ්ඨයා මට හමුවූ ප්‍රථම හා අවසන් අවස්ථාව ද එයය.
ඉතින් ජ්‍යෙෂ්ඨ මාධ්යවේදියානනි, ඔබට සුව නින්දක්!
සුපුන් ළහිරු ප්‍රකාශ්