දිස්ත්‍රික්ක හයකට නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීම තවදුරටත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 06 කට නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීම තවදුරටත් ක්‍රියාත්මකය. කොළඹ. ගාල්ල. කලුතර. කෑගල්ල. නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්ක වෙයි. එම අනතුරු ඇගවීම් අද(16)පස්වරු 04 දක්වා බලපැවැත්වෙන බව එම සංවිධානය කියයි. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක යන ප්‍රදේශවලටත් ගාල්ල – බද්දේගම සහ කඑතර දිස්ත්‍රික්කයේ බේරුවල. පානදුර. මදුරාවල. දොඩංගොඩ හොරණ. බණ්ඩාරගම. මිල්ලනිය. මතුගම සහ අගලවත්ත යන ප්‍රදේශවලටත් නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට. ඉංගිරිය. පාලින්දනුවර සහ බුලත්සිංහල යන ප්‍රදේශවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හා ඇහැළියගොඩ යන ප්‍රදේශවලට නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත. දෙවන මට්ටමේ නායයෑම් අනතුරු අගවා ඇත්තේ රුවන්වැල්ල. වරකාපොල. දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට. අයගම. නිවිතිගල. ඇලපාත. කිරිඇල්ල .පැල්මඩුල්ල යන ප්‍රදේශවලටයි.

කාලීන පුවත්