ගේ සැබෑ කිතුනු ආධ්‍යාත්මය හා සෘජු බැඳීමක් ඇති කර ගැනීම නිසා දිළිඳුන් ගේ පාප් වහන්සේ ලෙස විරුදාවලී ලත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය උන් වහන්සේ ජීවත්ව සිටිය දී සකස් කරන ලද උපදෙස් අනුගමනය කරමින්, පෙර පාප්වරුන්ගේ අවමංගල්‍යයන්ට වඩා ඉතා සරල චාම් ආකාරයෙන් අද(26) වතිකාන වේලාවෙන් පෙ.ව 10.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 1.30ට )වතිකානයේ ශාන්ත බැසිලිකා චතුරශ්‍රයේ දී සිදු කෙරෙනු ඇත. ශ්‍රී ලංකාව ද අයත් වන ප්‍රථිවියේ දකුණු අර්ධ ගෝලයෙන් බිහි වූ ප්‍රථම පාප් වහන්සේ වන උන් වහන්සේ ස්වකීය ජීවිත කාලය පුරාවට පවත්වා ගෙන ගිය සරල,චාම්,නිහතමානී ස්වභාවය තමන් වහන්සේ ගේ අවමඟුල තුළින් ද ලෝකයා හමුවේ තැබීම අති උදාර ආදර්ශයක් බව ලොව පුරා විද්වත්හු පෙන්වා දෙති. නමුත් ලොව කුඩාම රාජ්‍යය වන වතිකානයේ රාජ්‍ය නායකයා සේම ලොව පුරා බිලියනයකට අධික කතෝලිකයන්ගේ නායකයා වන උන් වහන්සේ ගේ අවමංගල්‍ය උත්සවය අතිශය ගම්භීර සහ ගෞරවාන්විතව සිදු කළ යුතු බව ද පැවසෙයි.ලොව පුරා රාජ්‍ය නායකයන් ප්‍රසිද්ධ පුද්ගලයින්, සහ දහස් ගණනක් අනුගාමිකයින් ඔවුන්ගේ ගෞරවය පුද කිරීම සඳහා මේ වන විටත් වතිකාන නගරයට පිවිස හිඳින අතර අද පුරා වසර ගණනාවකින් සමස්ත ලෝක වාසීන් ගේ සුවිශේෂ අවධානය දිනාගත් ගෞරවනීය සිදුවීම ද මෙයම වනු ඇත.එමෙන්ම ලොව පුරා අති විශාල පිරිසක් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස දැක බලා ගන්නා සුවිශේෂ සිදුවීම් ගොන්නට මෙය ද ඇතුලත් වනු ඇත.