කහල්ල පල්ලේ කැලේ අභය භූමියේ සහ කලා වැව් රක්ෂිතයේ සැරි සරූ ද දීඝ දන්තු 1 ඇතා විදුලි සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
ගල්කිරියාගම පොලිස් වසමට අයත් ආඩියාඟල, පලාගල, හිඟුරු වැව ප්‍රදේශයේ නිවසක් අසල තිබූ අනවසර විදුලි රැහැනක ගැටී මෙම ඇතා ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කළේය.
මෙම අනවසර විදුලි රැහැන සවිකල පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කළේය.
දැනට කලා වැව් රක්ෂිතයේ ඉතුරුව සිටි එකම මහේෂාක්‍ය ඇතා දීඝ දන්තු 1 බව පරිසරවේදීන් පෙන්වා දෙයි.