දීපව්‍යාප්ත වන අලි සමීක්ෂණය නිමාවෙයි

පසුගිය 17වැනිදා දහවල් 1.00ට ආරම්භ කෙරුණු දීපව්‍යාප්ත වන අලි සමීක්ෂණය කාල රාමු පහක් යටතේ සිදු කෙරුණු අතර අද (19) දහවල් 1.00 දක්වා, ලංකාවම ආවරණය වන පරිදි දින තුන පුරා සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130කදී එම සමීක්ෂණය සිදු කොට නිමා කරන ලදී.මෙම සමීක්ෂණයේ දත්ත රැස්කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය සිදු කළ අතර ඒ සඳහා වෙනත් රාජ්‍ය ආයතන නිලධාරීන්, විශ්ව විද්‍යාල , සිවිල් ආරක්ෂක හා ආරක්ෂක හමුදා සාමාජිකයින් ඇතුලු පිරිස් සහභාගී කර ගන්නා ලදී.ගත වු කාලය තුළ බාධාවකින් තොරව වන අලි සංගණනය කිරීමට හැකියාව ලැබුුුණු අතර ඇතැම් ප්‍රදේශවල පැවති වැසි තත්ත්වය බාධාවක් නොවු බව වනජීවි දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් සැලකිය යුතු අලි ගහනයක් වාර්තා වෙමින් පවතින බවත් සියලු වාර්තා අධ්‍යයනයකින් පසු වැඩිදුර වාර්තාවක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට හැකි බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේතුව ප්‍රකාශ කරයි.වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුව විසින් දීපව්‍යාප්ත වන අලි සමීක්ෂණයක් මෙලෙස සිදු කරන2011 වර්ෂයේදී සිදුකරන ලද වන අලි සමික්ෂණයෙන් අනතුරුවය.

කාලීන පුවත්