දීපවාලී අදයි தீபாவளி வாழ்த்து

හින්දු භක්තිකයන් ගේ ප්‍රමුඛතම ආධ්‍යාත්මික සැමරුමක් වන දීපාවලී උත්සවය අද(31)ට යෙදී තිබේ.දීපාවලී යන්න එය දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජාතිකයෝ එය දීවාලී ,තීවාලී ලෙස හඳුන්වති.දීප+ ආවලී හෙවත් “පහන් පෙළ” යන අරුත නිරුපනය කරන සංස්කෘත වචනයකි. එය ඉන්දියානු උත්සව අතරින් ඉතාම වර්ණවත් උත්සවය වේ. මෙම උත්සවය නව සඳ උදාවීමට සමගාමිව ඔක්තෝබර් හෝ නොවැම්බර් මස වලදී සැමරේ. දීපාවලී බැදුණු විවිධ පුරාවෘත්ත හා වැදගත් සිදුවීම් ඇත.එමෙන්ම මෙම දිනයේ කරන පුජා, මන්ත්‍ර ජපකිරීම් , ස්ත්‍රෝත්‍ර ගායනා වෙනදාට වඩා සියක් වාරයක් ප්‍රබල බව හින්දුහු සළකති.සමස්ත ශ්‍රී ලාංකේය සහෝදර හින්දු ජනතාවගේ අති උතුම් දීපවාලී සැමරුම මුල් කොට ඔවුන් ගේ ලෞකික හා ආධ්‍යාත්මික සිතුම් පැතුම් මල් ඵල ගැන්වේවා යි අපි දු ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

කාලීන පුවත්