දුක් කරදර යම් ප්‍රමාණයකට සමනය වුණු සැනසිලිදායක යුගයකට අපි ළඟාවෙලා තියෙනවා

“ගෙවුණු මාස කීපය තුළ අප ගත් වෙහෙසකර සහ දුෂ්කර ක්‍රියා පිළිවෙත් නිසා, ආර්ථික අගාධයෙන් ගොඩ ඒමේ මාර්ගයට ආලෝකයක් වැටී තියෙනවා. දවස් ගණන් පෝලිම්වල හිටපු, තැන් තැන්වල පදිංචිවෙලා අරගල කරපු යුගය පසුකර, දුක් කරදර යම් ප්‍රමාණයකට සමනය වුණු සැනසිලිදායක යුගයකට අපි ළඟාවෙලා තියෙනවා”ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2023 වසර සඳහා වූ අයවැය කතාවේ දී කීය.එහි දී වැඩි දුරටත් අදහස් පළ කළ ජනාධිපති වරයා මෙසේ ද කීය.”ගරු කථානායකතුමනි,මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබදව චීනය සහ ඉන්දියාව සහ අනෙකුත් ණය දෙන රටවල් සමඟ අදහස් හුවමාරු කරගන්නවා. මේ සාකච්ඡාවලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙතැයි අපට විශ්වාසයක් තියෙනවා.පසුගිය කාලය තුළ අප අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා උද්ධමනය යම් ප්‍රමාණයකින් පාලනය කර ගන්න පුළුවන් වුණා. ඒ වගේම රුපියල ශක්තිමත් වෙමින් පවතිනවා. මේ තත්වය දිගින් දිගටම පවත්වාගෙන යෑම අපේ බලාපොරොත්තුවයි. තව දුරටත් මේ පියවර ඔස්සේම ඉදිරියට යෑමෙන්, ලබන අවුරුද්ද ඇතුළත ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරගැනීමට අපට පුළුවන්කම ලැබෙන බව මට විශ්වාසයි.නමුත් එතැනින් සෑහීමකට පත්වෙන්නට අපට බැහැ. අප අලූත් ගමනක් ආරම්භ කළ යුතුයි”

කාලීන පුවත්