දුම්රිය සේවයේ සේවක පුරප්පාඩු 8000කට වැඩි සංඛ්‍යාවක් තිබියදීත් බලධාරීන් නිහඬව සිටිනුයේ දුම්රිය සේවය විකුණා දමන්නට දැයි සැකයක් මතුවෙන දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා ඊයේ (02) පැවසීය.විෂයභාර ඇමති බන්දුල ගුණවර්ධන නිතර පවසන ආකාරයේ දුම්රිය අධිකාරියක් කිරීමේ වුවමනාව හේතුවෙන් මේ කරුණු මග හරින්නේ ද යන්න සැකය ද මතුවන බවත් ඔහු සඳහන් කළේ ය.දුම්රිය සේවක පුරප්පාඩු හේතුවෙන් අද වන විට දුම්රිය ගමන් වාර 80කට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව අවලංගු වන බවත් ඒ නිසාවෙන් මගීන් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත් මේ සම්බන්ධව වසර 2කට පෙර සිට ම රජයට අවධාරණය කරන ලද නමුත් කිසිදු අවධානයක් යොමු කර නොමැති බවත් ඔහු පැවසීය.