දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන ගැසට්ටුව නිකුත් වෙයි

දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතා මඟහැරී යන පරිදි ජනපතිවරයාගේ බලතල අනුව දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන ගැසට්ටුව නිකුත්ව ඇත.අද (12) දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන් අපහසුතාවට ලක්වූ අතර දුම්රිය මඟී තදබදය මුල් කොට අනපේක්ෂිත මරණ දෙකක් ද වාර්තා විය.මෙම ගැසට්ටුව ප්‍රකාරව හෙට දින සේවයට වාර්තා නොකිරීම සේවය අතහැර යාමක් සේ සැලකෙනු ඇත.නමුත් මේ සම්බන්ධ වෘත්තීය සමිති ප්‍රතිචාර මෙතෙක් පළ වී නැත.

කාලීන පුවත්