දුම්රිය අවලංගු වන්නේ ඩීසල් නැතිව නොවේ

මේ වන විට වරින් වර දුම්රිය ගමන් වාර අවලංගු වීමට හේතුව ඩීසල් හිඟය නිසා බවට පැතිර යන කතා වල කිසිදු සත්‍යතාවක් නැතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.මෙසේ දුම්රිය වරින් වර අවලංගු කර ඇත්තේ රියදුරන්ගේ හා නියාමකවරුන්ගේ හිඟය නිසා වන අතර කෙසේ හෝ බස් ගාස්තු ඉහළ නැඟීමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම සියයට 50 කින් ඉහල ගොස් ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ ඩී ජී සෙනෙවිරත්න මහතා පවසයි. ඉදිරියේදී කාර්යාල දුම්රිය සදහා වැඩිමැදිරි සංඛ්‍යාවක් එක් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියයි

කාලීන පුවත්