දුම්රිය ගමන් වාර 10ක් අවලංගු වේ

දුම්රිය රියදුරන් සහ රිය සහයකයන් වැඩි පිරිසක් නිවාඩු ලබා ගැනීම හේතුවෙන් අද (14) ධාවනය වීමට නියමිතය තිබූ දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කිරීමට පියවර ගෙන ඇති අතර තවත් දුම්රිය ගමන්වාර 22ක් අවලංගු කිරීමේ අවදානමක් පවතින බවදුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කරයි.ප්‍රමාණවත් පරිදි දුම්රිය රියදුරු සහ නියාමකවරුන් බදවා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් දුම්රිය ගමන්වාර අවලංගු වන අතර ඒහේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බව ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

කාලීන පුවත්