දුම්රිය ප්‍රතිව්‍යුහගත කිරීමේ රැස්වීම 6 වනදා

දැනට පවත්නා පාලන ව්‍යුහය වෙනස් කොට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ කමිටුව ලබන 6 වනදා රැස්වීමට නියමිත ව තිබේ.වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම කමිටුවේ සභාපතිත්වය දරන අතර .හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරු දෙදෙනෙකු සහ හිටපු සංඥා උප දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු ඇතුළු 14 දෙනෙකු මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස කටුතු කරති.දැනට පවත්නා දෙපාර්තමේන්තු ව්‍යුහය තුළින් මහ ජනතාවට විධිමත් කාර්යක්ෂම සේවාවක් සැලසීමට විවිධ බාධක මතුවීම මත දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශවයන් විසින් කලෙක සිට පෙන්වා දී ඇති අතර එය ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය පෞද්ගලිකකරණය කිරීමක් සේ සළකන ඇතැම් පිරිස් ඒවාට විරුද්ධ වනු ද දක්නට ලැබේ.

කාලීන පුවත්